පවතින covid 19 ගෝලීය වසංගත තත්වය හේතුවෙන් දකුණු අප්‍රිකානු ගුවන්තොටුපල බංකොලොත්භාවයට පත්ව ඇති බව වාර්තා වෙනවා. මැයි, ජූනි, ජූලි යන මාස තුන ගුවන්තොටුපල සේවකයන්ගේ වැටුප් ගෙවා ගත නොහැකි වීමත් සමග එම සේවකයන් ගුවන්තොටුපල ඉදිරියේ උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙනවා. රටක් වශයෙන් දකුණු අප්‍රිකාව වැඩිම දළ ජාතික නිෂ්පාදනයක් ලබාගන්නේ සංචාරක හා ගුවන් තොටුපළ ආශ්‍රිතව ආර්ථික කටයුතුවලින් වන අතර එය අක්‍රීය වීම රටේ ආර්ථිකය දැඩි පසුබෑමකට ලක් කර තිබෙනවා. දකුණු අප්‍රිකානු රජය ප්‍රකාශ කරන පරිදි පවතින වසංගත තත්වය හමුවේ ගුවන් තොටුපොළ වසා දැමීම සමඟ සාමාන්‍ය රැකියා 250,000 ක් පමණ අහිමි වීමට නියමිතව තිබෙනවා. මේ වන විට මිත්‍ර රටවල් හා ජාත්‍යන්තර ගුවන් කටයුතු හා සම්බන්ධ සංවිධානයන් එක්ව දකුණු අප්‍රිකානු ගුවන්තොටුපල කටයුතු නැවත යතා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය ආධාර උපකාර කරමින් සිටී.කෙසේ නමුත් වසා දමා තිබූ දකුණු අප්‍රිකානු ගුවන්තොටුපල ජුලි 21 යලි ගුවන් කටයුතු සඳහා විවෘත වන අතර මාස තුනකට අදාල සේවක හිඟ වැටුප් ගෙවමින් යළි සාමාන්‍ය පරිදි කටයුතු කරගෙන යෑම සඳහා එම රජය බලාපොරොත්තු වේ. දකුණු අප්‍රිකාව යනු...